Tuesday, December 31, 2013

TO BE POOR AS MARY WAS POOR

Mary is the Mother of all Christians and since the vast majority of Sri Lankan Christians are poor, she is truly the Mother of the poor. By venerating her and learning from her, the poor can benefit the most and nourish their souls perpetually. She was a quiet missionary and true revolutionary.

mary-10
All significant events in human history begin quietly and unassumingly. This truth is universal at all times and in all places. She was the voice of the poor, spoke on behalf of the poor and served the poor by totally being obedient to the God of the poor. The mother of the Redeemer of the whole human race is a poor woman from Nazareth. The poor people all around the world must make her a family member and she is also very much willing to become a family member and then no family will ever experience any loneliness, or meaninglessness.

Read more.................Bhakthi Prabodhanaya

prof. A.M


Professor Anton Meemana

Sunday, December 15, 2013

දේව රාජ්‍යය සහා සැබෑ වන්දනාව......

දේවියන් වහන්සේට වන්දනා කිරීම ජනතා විමුක්තිය සඳහා ඇති එකම මඟයි. සැබෑවූ එකම දෙවියන් වහන්සේට දිව්‍ය පූජාව තුළින් වන්දනා කිරීමත්, ජනතාවට සේවය කිරීමත් න්‍යාය පත‍්‍රයන් දෙකක් නොව එකකි. දුප්පත් ජනතාවට සේවය නොකර, ආදරය නොකර දෙවියන් වහන්සෙට වන් දනා මා න කළ නො හැකි ය. දෙවියන් වහන්සේට වන්දනා මාන නොකර, ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළ නොහැකිය. වැය කළ නොහැකිය,දිය කළ නොහැකිය...............


ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org වෙත පිවිසෙන්න.

මහාචාර්ය ඇන්ටන් මීමන

Planetary Theology .........විශ්වය සුරකින දේව ධර්මය

 ලිපි අංක 3 පළමු පරිච්ඡේදය

සාම්ප‍්‍රදායික දේවධර්මයේ (Traditional Theology) ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ, පෙර ලිපියේ විග‍්‍රහ කළ බටහිර සංස්කෘතියට නතු වූ දේව ධර්මය මෙන්වූ තවත් දේවධර්ම ප‍්‍රවණතා කිහිපයක් මෙම ලිපියේ ද පළවේ.

 සභා කේන්ද්‍රීය දේව ධර්මය (A Church-Cantered Theology)

 සාම්ප‍්‍රදායික දේවධර්මය බොහෝදුරට සභා කේන්ද්‍රීයවේ. එහිදී සභාවේභෞතික වර්ධනය විශ්වීය දේව රාජ්‍යය සමඟ සැසඳීමේ පරික්ෂාවට සභාව පෙළඹේ. දේවත්වයේ පරම හිමිකරු තමන්ය යන්න සලකන සභාව අන් සියල්ල මිත්‍යා දෘෂ්ටික, වැරදි දේ ලෙස සලකනු ලබයි. ............read more.....


 පුරුෂාධිපත්‍යයේ දේවධර්මය(A Male Dominated Theology).........

 වැඩිහිටිආධිපත්‍යයේ දේවධර්මය (An Age-Dominated Theology).........

 ධනවාදයට ලැදි දේවධර්මය (A Pro-Capitalist Theology).......


ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org ......වෙත පිවිසෙන්න.

විජිත් රොහාන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය


Saturday, December 14, 2013

නවක පුදැදුරුතුමකුට අවවාදයක්...

 (මට්ටක්කුලියේ ශු. ජේම්ස් දෙව්මැදුරේ 2013-09-06 දිනගරු අයාල් ඉන්දික පියතුමාගේ දේව මෙහෙයේදී කළ දේශනය)

ගරු ඇලොයිසියස් පීරිස් ජෙ.නි. පියනම

 ආදර පියතුමෙනි, වයෝවෘද්ධ පුදැදුරකු වන මා යෞවන දේව සේවකයකු වන ඔබ වෙත පිරිනමන්නට යන කෙටි අනුසස්න, 1964 වන වසර ජූලි මස පස්වන ඉරුදින ඉතාලියේ නේපල්ස් නගරෙයේදී මගේ කණට වැටුණු, අදටත් මා තුළ රැව්පිළිරැව් දෙන, මගේ 48 වසරක් දිග පුදැදුරු දිවියට ප‍්‍රබල ලෙස බල පෑ ඔවදනක්. මට පෙර වසර දෙව්දහම්සත හැදෑරූ මාගේ පැවැදි සොහොයුරන් පුදැදුරු වරම ලත් අවස්ථාවේ දී ඔවුනට රදගුරුතුමා විසින් දෙන ලද අවවාදයක්. කව්ද ඒ රදගුරුතුමා? : බයිබල් විශේෂඥ දේවධර්ම ශාස්ත‍්‍ර විශාරද, 12 වන පියුස් පාප්තුමාගේ ආධ්‍යාත්මික උපදේශකයා ලෙස කටයුතු කළ, 23 වන ජුවාම්පාප්තුමා කිතුනු සංඝ එකතුව සඳහා ස්ථාපිත කළ ආයතනයේ ආරම්භක නියමුවා වූ, දෙවන වතිකානු සමුළුවේ ප‍්‍රගතිශීලී බහුතරයේ පුරෝගාමියා ලෙස නම්ලත් ඔගස්ටින් කාර්ඩිනල්තුමා බෙයා රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ යි. එදා එතුමා දේව මෙහෙය වසන්කොට යළි සංක‍්‍රිස්ති කාමරයට පිවිසුණු පසු නවක පුදැදුරනට ආචාරකොට මෙසේ ඔවුනට අවවාද කළා:-


ඉතිරි කොටස කියවිම සඳහා   http://bhakthiprabodhanaya.org ......වෙත පිවිසෙන්න.

මානව දයාවක් නොමැතිව නත්තල සැමරිය හැකිද?

 


සියලූ මනුෂ්‍යයන් එකම මිනිස් පවුලක් ලෙස සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකා අතර බෙදා හදා නොගන් නේ නම් දෙවිඳුන්ගේ ප්‍රේමයේ සහජීවනයේ පණිවුඩය සැමරීමට අපට අවසරයක් නොමැත්තේය. දෙවිඳුන් මිනිසාව පාප අඳුරින් මුදවා ගත්තේ අප වෙත දැක්වූ අපරිමිත පේ‍්‍රමය නිසාය. ඒ පේ‍්‍රම පූජාවට අප සාක්ෂිකරුවන් නොවන්නේ නම් ජේසු උපතේ නොහොත් නත්තලේ උරුමය අපට හිමි නොවන්නේය. උන් වහන්සේගේ ගවහලේ උපතේ සැබෑ සත්‍යය කිතුනු අපගේ ජීවිතය තුළට ගලා නොයන්නේ නම් අප ක‍්‍රිස්තු අනුගාමිකයන් වන්නේ කෙසේද?


 කිතු පේ‍්‍රමයේ පදනම ගොඩනැගී ඇත්තේ මහා මැදුරුවල රාජකීය වස්ත‍්‍රභරණයෙන් සැරසුන සිංහාසනවල වැජඹෙන පාලකයන් අතරින් නොව, නැති බැරිකම, පීඩාව සමාජයෙන් කොන් කිරීම ආදී සමාජ අසාධාරණයන් නිසා පෑගී, තැලී පොඩිවන පීඩිත ජනතාව තුළින්ය. ජේසු මෙලොවට බිහිවීමට තෝරාගත් කන්‍යමරිය මව්තුමිය දිළිඳු පවුලක තැනැත්තියක් වූවාය. එතුමාගේ සුරැකි පියා ලෙස තෝරාගත්තේ දුගී කම්කරුවෙක් වූ ගලීල දේශයේ ජුසේ නැමැති අප‍්‍රසිද්ධ දැහැමි පුරුෂයෙකි.



ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org ......වෙත පිවිසෙන්න.




Friday, December 13, 2013

ජේසු උපන්නේය සතුනි ජේසු උපන්නේය ඔහෝ....

මට අමතක විය මා හුස්ම ගන්නා බැව්. ඔහ්! මට එය දැනෙන්නට පටන්ගෙනය. කෙසේද මට දැනෙන්නට පටන් ගත්තේ. සුපුරුදු හාදයාංගම සුවඳක්, මා නාස්පුඩු ස්පර්ෂ කරමින් මා හුස්ම ගන්නා බව මට මතක් කර දෙයි. සැබැවින්ම මා ජීවත්වන බව මට දනවයි.නීල ගුවනේ වර්ණය උරා ගත් නැවුම් නිල් මහනෙල් මලක් සේ මා පුබුදුවා, හිම පියල්ලක් මෙන් මා හදවත පිවිතුරු කරන නත්තල් සුවඳ! කාර්යබහුල, සංකීර්ණ ජීවිතයට යාන්ත‍්‍රිකව මෙන් වැටෙන හුස්ම, නැවත ජීවී බවෙන් පුරවාලන නත්තල් සාමයේ සුවඳ!


නත්තල් ගවලෙන.....නත්තල් ගස.....නත්තල් සීයා.....

නත්තල් සුබ පැතුම් පත්.....නත්තල් බැති ගී......

ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org .......වෙත පිවිසෙන්න.

සුමේධා නවරත්න.

ශ‍්‍රී ලංකේය සන්දර්භය තුළ අද්‍යතන මාංශගතවීම...

තේවත්තේ බැසිලිකාව අසළ ඇති කිතුනු ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයේ ඇති කැටයම් හා චිත‍්‍ර වැනි දෑ පිළිබඳ දැඩි විවේචනයක් මීට ටික කලකට ඉහත දී අන්තර්ජාල විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස මා වෙත ලැබී තිබිණි. තවද ඇතැම් දෙව්මැදුරු හා සිද්ධස්ථානවල ඇති සඳකඩ පහන, පුන්කලස වැනි මෝස්තර හා ඇතැම් මංගල්‍ය හා වෙනත් කිතුනු උත්සව අවස්ථාවන් සඳහා යොදාගන්නාවූ ගොක්කොළ සැරසිලි ආදී මෝස්තර රටාවන්ද බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයන්හි ලක්ෂණ වූ බවත් කිතුනුවන් විසින් ඒවා යොදාගැනීම වැරදි බවත් වර්ගවාදීහු පුන පුනා කියනු නිතර අසන්නට ලැබේ. බුදු දහමට අනුව වැරදි විවේචනයක් වන මෙහි වැරැද්ද කතා කරනවාට වඩා මේ විවේචනය තුළ ඇති කිතුනු පණිවුඩය මෙනෙහි කිරීම වැදගත් බව මගේ හැඟිමයි.

 මාංශගතවීම යනු කිසියම් දේශයක ඇති සංස්කෘතිකාංග වැළඳ ගැනීමක් ලෙස සිතූ යුගයක් ලාංකේය ක‍්‍රිස්තියානියට තිබුණි. 1956 දී ශ‍්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළියට සමගාමීව බෞද්ධ සංස්කෘතිකාංගදේවස්ථාන, සිද්ධස්ථාන හා ජනවන්දනාව තුළට වැද්ද ගැනීමේ මෝස්තරයක් බිහිවිය. ලතින් භාෂාව හා බැඳුණු වත් පිළිවෙත් තුළ සිරගත වී සිටි කතෝලික ක‍්‍රිස්තියානිය තුළ මෙය එකල පෙරළිකාර දැක්මක් වූ බවද ඇත්තය. එහෙත් දේශීය මෝස්තර වැළඳ ගැනීම තවත් මෝස්තරයක් විනා සැබෑ මාංශගතවීමක් නොවන්නේය.ජේසුතුමාගේ මාංශගතවීම මනා ආදර්ශයක් වන්නේ මෙතැනය. ජේසුස් වහන්සේ ගතානුගතික දෘඪ ජුදා සංස්කෘතිය අවිචාරශීලිව හෝ මෝස්තරයක් ලෙස වැළඳගත් අයෙක් නොවූ සේක. උන්වහන්සේගේ ජුදා පැවැත්ම සැබැවින්ම ඒ සංස්කෘතිය තුළ පෙරළිකාර ස්වරූපයක් ගත්තේය. උන්වහන්සේගේ ඉපදීම අර්ථවත් වී ඇත්තේ උන්වහන්සේගේ ජීවිතය නිසාය. මේ අනුව සැබෑ මාංශගතවීම යනු ඉපදීම නොව ජීවත්වීමයි.

ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org/.......වෙත පිවිසෙන්න.



සත්‍යය සොයා ගිය ප‍්‍රඥවන්තයො.......

"හේරොද් රජුගේ කාලයේදී ජුදයාවේ බෙත්ලෙහෙම්හි ජේසුතුමා උපන් පසු පෙරදිගින් ප‍්‍රඥවන්තයෝ ජෙරුසලමට පැමිණියහ." යැයි මතෙව් 2:1 පවසයි. මුල් ග‍්‍රීක් පිටපතට අනුව, ‘ප‍්‍රඥවන්තයින්’ යන සිංහල වචනය magoi නම් ග‍්‍රීක බහු වචනයේ ඒක වචනය magos අනුවාදයකි. මෙය ලතින් භාෂාවේ magus යන්නයි. මේ ප‍්‍රඥවන්තයෝ කවරහුද?



 මතෙවුස් තුමා magoi යන වචනයෙන් අදහස් කළේ කාවද? ඔවුන් කී දෙනෙකු පැමිණියාද? ඉහත ප‍්‍රශ්නවලට මේ ලිපියෙන් පිළිතුරු සැපයීමට අදහස් කරමි. ‘මගොස්’ යන වචනය ඉන්ද්‍රජාලිකයින් නොහොත් විජ්ජාකාරයන් (Magicians) සම්බන්ධ එකක්ද? හීබෲ බයිබලයේ ඉන්ද්‍රජාලිකයන් සඳහා වචන කිහිපයක් භාවිතා වේ. ඒවා නම් නාහෂ් (උත්. 30:27) කෙස්සෙම් (ගණන් 23:23), කෂාෆ් (නික්ම 22:17), යිදුඕනි (ද්විතිය 18:11), ආෂාෆ් (දානි 1:20), මාග්මගීම් (ජෙරමියා 39:3,13), ලාහෂ්, (යෙසායා 3:3) හා හර්තුම්/හර්තුමීම් යනාදියයි.

ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org/.......වෙත පිවිසෙන්න.

Thursday, December 12, 2013

23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව 2013

23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව 2013 නොවැම්බර් 10 සිට 17 දක්වා කොළඹදී පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලය යනුවෙන් හැඳින්වෙන්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති 23 ඩොමිනියන් තත්ත්වය ලැබූ හා පූර්ණ නිදහස ලැබූ රටවල එකතුවෙන් ගොඩනගා ගත් සංවිධානයකි. විසිවැනි සියවස ආරම්භ වන විට බි‍්‍රතාන්‍ය සතුව ලොව පුරා විහිදුණු යටත් විජිත රාශියක් විය.

 දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට මේ යටත් විජිත රාජ්‍යයන්හි නිදහස ඉල්ලා අරගල රැසක් හටගෙන තිබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ ආසියාවේ හා අප‍්‍රිකාවේ තිබූ යටත් විජිත රාජ්‍යයන් රාශියකට ඩොමිනියන් තත්ත්වය පිරිනැමීම හෝ පූර්ණ නිදහස ලබාදීමයි.

ඉතිරි කොටස කියවිම සඳහා.....  http://bhakthiprabodhanaya.org.......වෙත පිවිසෙන්න.

ජේසුතුමා අම්බලම්පාළුවෙක්වත්, බඩගෝස්තරවාදියෙක්වත් නොවේ....(දෙසෑම්බර්-2013)

‘ඈ කුළුඳුල් පුත‍්‍රයා බිහිකොට හාන් රෙදිවලින් ඔතා තානායමේ ඉඩකඩ නොතිබුණ බැවින් ගව ඔරුවක බෑවුවාය.’ (ලූක් 2:1-5)





අද අප දකින තානායම ( Rest House) හා ඒ දිනවල ගලීල දේශයේ තිබුණ තානායම් අතර විශාල වෙනසක් ඇත. මෙහි තානායම යනුවෙන් සිංහල බසට පෙරළා ඇත්තේ ඉංග‍්‍රීසි බසෙහි එන (Inn) නම් වදනයි. ඉංග‍්‍රීසියේ (Inn)නම් වචනය ග‍්‍රීක බසෙහි එන ‘කාටාලිමා’ (Katalima) නම් වදනෙහි පරිවර්තනයයි. එහි තේරුම අප රටේ දක්නට ලැබුණ අම්බලමකට සමාන තැනකි. අම්බලම් වලට අයිතිකරුවෝ නොසිටියහ. එහි නවාතැන් ගන්න තැනැත්තා එක් දිනක් හෝ දෙකක් එහි ගත කොට පසුවදා ගමන් අරඹන ආගන්තුකයෙකි.




ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org.......වෙත පිවිසෙන්න.







Sunday, November 24, 2013

විශ්වය සුරකින දේව ධර්මය – Planetary Theology.


 Planetary Theology - තිස්ස බාලසූරිය පියතුමා


ලිපි අංක 1 පළමු පරිච්ඡේදය
විශ්වය සුරකින දේව ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි ?
Why Planetary Theology ?



ලෝකයේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන මිනිසුන් අත් විඳින්නාවූ අවාසනාවන්ත තත්ත්වය සහ දුක් පීඩාවන් ගැන කිතුනුවන් දක්වන්නාවූ ඇල්මැරුන සැලකිල්ල ගැන මට මවිතයක් හා දැඩි වේදනාවක් ගෙන දෙයි. ලෝක ජනතාවගේ මෙම පීඩාවන් වලට යම් යම් අවස්ථාවන් වලදී කිතුනු අප වගකිව යුතුය යන වග ඔවුන්ට අවබෝධයක් නොමැති බවද පෙනී යයි. කිතුනු අප නි රන් තරයෙන් දේ වස් ථානවලට ගොස් විවිධ යාච්ඤා මෙහෙයන්ට සහභාගි වුවද අප සොහොයුරු සොහොයුරියන්ගේ දුක් වේදනාවන් ගැන උනන්දුවකින් ක‍්‍රියා කරන්නේ නැත. මෙලෙස දුක්විඳින ජනතාව පිළිබඳ අසංවේදී තත්ත්වයකට කිතුනු අපව යොමු කරන්නේ අප අපවම යහපත් කිතුනුවන් ( Good Christians ) ලෙස සැලකීමද යන වග සිතිය යුතුය. ඉරුදින දේව මෙහෙයට පැමිණෙන බොහෝ කිතුනුවන් කොළඹ නගරයේ සිටින එක් ලක්ෂ පනස්දාහක් පමණවූ මුඩුක්කු නිවැසියන් ජීවත්වන අමානුෂික තත්ත්වය ගැන බැරෑරුම් ලෙස නොසිතන්නේ ඇයි? ළමයින්ට පාසල් නොමැතිවීම, ළදරු මරණ අනුපාතය වැඩිවීම, මන්දපෝෂණය, විරැකියාව යන ප‍්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට දරුණු ලෙස වැඩි වර්ධනය වේ. පොහොසතුන් තව තවත් සමෘද්ධිමත් වන අතර ඔවුන් බහුතරයක් කිතුනුවෝ මෙන්ම තමන් යහපත් කිතුනුවෝ ලෙසද සලකති.

සෑබෑ ආදරය අවිනීත නොවෙ………


‘‘ඔයා අද ෂෝට් ලීව් දාලා එනවද? අපි යමු ගල්කිස්සේ මුහුදු වෙරළට’’ ‘‘ලබන සෙනසුරාදා ඔයාට නිවාඩුද? අපි යමුද බෙන්තර හෝටලේකට. දවසක් ඉඳලා එමු. ’’

‘‘අපෝ බෑ. ඔයාට පිස්සුද? අපි තාම බැඳලත් නෑනේ ’’

‘‘අපෝ ඒකට මොකද ළමයෝ. අපි ඉතිං කවද හරි බඳින එකනේ.’’




ආදරයේ නාමයෙන් අනෙකා වෙනුවෙන් අප බොහෝ දේ කරන්නෙමු. අපි කරන බොහෝ දේ අනෙකාට යහපතක්ද නොඑසේනම් අයහපතක්ද යන්න අපි ඇසිය යුතු පැනයකි. ආදරය නිසාම අනෙකා වෙනුවෙන් යම් යම් දේ නොකරන්නට අපි පුරුදු විය යුතුවෙමු. ඉහත දෙබස දෙස බැලීමේදී ‘ආදරයෙන්’ කෙනෙක් අනෙකා වෙත කෙරෙන යෝජනාව සැබැවින්ම අනෙක් පුද්ගලයාට යහපතක්ද? මේ වන විට විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන්  Pre Marital Sex හී වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. විවාහ දිවියට ඇතුලූ වී විවාහක යුවල් විසින් පමණක් පැවතිය යුතු ලිංගික සබැඳියාවන් බොහෝ පෙම්වතුන්, පෙම්වතියන් විවාහ දිවියට ඇතුළුවීමට පෙර රසබලා අවසානය. එවැනි ක‍්‍රියාවන් බොහෝ විට සිදුවනුයේ විශාල මුදලක් ගෙවා යන සුපිරි හෝටල් කාමරයක විය හැක. එතරම් මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන සාමාන්‍ය කුලී කාමරයක විය හැක. එසේ නොමැතිනම් මුහුදු වෙරළක, වැටකෙයා පඳුරක විය හැක. මේ අයගෙන් බොහෝමයක් තවමත් හිරිමල් වයසේ පසුවන පාසල් යන යෞවන, යෞවනියන් වීම ඛේදවාචකයකි.

වත්මන් අධ්‍යාපනික රටාව තුළ කතොලික ගුරුවරයාගේ භුමිකාව......


ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝබර් මස 06 වන දිනට යෙදී ඇත. මෙවන් ගුරු දිනයක් පැවැත්වීමට දිනයක් වෙන් කිරීම සඳහා මුල් වූ හේතු කාරණා අතර ප‍්‍රමුඛ වු කරුණක් වන්නේ ලොව පුරාම ගුරුවෘත්තියට ලබා දී ඇති අති ශ්‍රේෂ්ඨත්වයයි. මනා පෞර්ෂයකින් හෙබි පුද්ගලයන් බිහිකි රීමටද, මනුෂ්‍යයාට ජීවත්වීමට සුදුසු සමාජයක් ගොඩනැගීමටද, රටක සංවර්ධනය සඳහා ගුරුවරයාගෙන් සිදුවන කාර්යය අති ශ්‍රේෂ්ඨය. ගුරුවරයා මෙම කාර්යය සිදුකරන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ වන අතර, අධ්‍යාපන පද්ධතිය, වෙනස් වන සමාජ රටාවන් හමුවේ විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙමින්, දිනෙන් දින සංකීර්ණ තත්වයකට පත්වේ. සාමාජයක් දියුණුවට පත්වන්නේ අධ්‍යාපනය නිසා වන අතර දියුණු සාමාජයක් ගොඩනැගීමට නම් රටක අධ්‍යාපනය දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. දියුණු වන අධ්‍යාපන රටාවකට ගැළපෙන ලෙස සකස් වෙමින් සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ගුරුවරයාට ඇති ප‍්‍රබල අභියෝගයකි. ඉතා දියුණු තත්ත්වයක පවතින අධ්‍යාපනයක් සංකීර්ණ වූ සාමාජයක විවිධ හැලහැප්පීම් මැද ජීවත්වන සාමාජයක දරුවන්ට ලබා දීම පහසු කාර්යක් නොවේ. ඒ සඳහා සුදුසු මට්ටමකට තමාව ගොඩනැගීමට ගුරුවරයාට අති ප‍්‍රබල අභියෝගයකි.

බයිබලීය දහම හා සත්ත්ව කරුණාව…..


මිනිසා විසින් සෙසු ජීවින්ට දක්වන ආදරය ‘සත්ත්ව කරුණාව’ ලෙස පොදුවේ හැඳින්වේ. ‘සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා’ යි පතන බුදුදහම ගැඹුරු සත්ත්ව කරුණාවක් ප‍්‍රකට කරන දහමකි. බයිබලීය දහම එවැනි දහමක්ද? මේ ප‍්‍රශ්නය මතු කළහොත් කි‍්‍රස්තියානීන් බහුතරය නිරුත්තර වෙයි.

බයිබලීය දහම සත්ත්ව කරුණාව ඇති දහමක් නොවේ. එය සතුන් බිළි පූජා කිරීම ඇතුලත් දහමකැයි බොහෝ දෙනෙකු පවසනු ඇත. බැලූබැල්මට මෙය සත්‍යයකි. ශුද්ධවු බයිබලයේ බැටළුවන් දවන යාග පූජා ගැන සඳහන් වේ. සතුන් මරා දෙවියන්ට පූජා කිරීම අනුමත කළ දහමක් සත්ත්ව කරුණාව ඇති දහමක් වෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීම සාධාරණය.

එහෙත් බයිබලීය දහම මැවිල්ල වෙත ගැඹුරු ආදරයක් ඵල කරන දහමකි. එය අපට තේරුම් ගත හැක්කේ බයිබලයේ සමස්ථ දැක්ම තුළය. පැරණි ගිවිසුමේ අඩංගු දවන යාග පූජා අප තේරුම් ගත යුත්තේ එඩේර මිනිසුන් තම ඉහළම දේ දෙවියන්ට දීමේ කි‍්‍රයාවක් ලෙසය. මේ දවන පූජා එඩේර යුගය පසු කරනු ලැබු පසුව බයිබලයේ පැමිණෙන යුගයන්හිදී දක්නට නැත. එසේම ඉපැරණි යුගයේදී පවා බයිබලීය දහම සතුන්ගේ හිමිකම් ගැන සංවේදී වෙයි. සතුන්ට පවා විවේකය දිය යුතු බව දක්වයි. භූමියට පවා විවේක දියයුතුයි.

මස් මාංශ අනුභවය ඒ යුගය හා පාරිසරක තත්ත්වයන් මත පැවැතියද මාංශයට දක්වන කෑදරකම බයිබලය හෙලා දකී. මස් මාංශයට කෑදර වුවන් ඇසුරු නොකරන්න. (හිතෝපදේශය) දෙවියන් වහන්සේ සියල්ල අපිට දී තිබෙන නිසා කෑදරකමින් ඒවා භුක්ති විඳිම කිසිසේත් බයිබලිය දහම අනුමත නොකරයි.


දැහැමි මිනිසෙකු සතු විශිෂ්ට ගුණයක් ලෙස ශූ.බයිබලය සතුන් කෙරෙහි දක්වන කරුණාව පෙන්වා දෙයි. දැහැමි අය තිරිසන් සතුන්ගේ ප‍්‍රාණය ගැන සලකති. අදමිටු අය උන්ට කෑදරය. (හිතෝපදේශය 12/10) නව ගිවිසුමේ ජේසු තුමන්ගේ ඉගැන්වීම් තුළ සත්ව පූජාවන් දෙවියන්ට කරන පූජා ලෙස ඉදිරිපත් නොවේ. එතුමන් පෙනී සිටින්නේ දයානුකම්පාව සඳහා ‘‘මා පුද පූජා වලට වඩා දයානුකම්පාවට කැමැත්තෙමි’’ මේ දයානුකම්පාව මිනිසා වෙත පමණක් යොමු වූවක් නොවේ. සියලූ සතුන් හා මැවිල්ල වෙතද යොමු වූවකි.

යහපත් පවුල් දිවියක් සඳහා ප‍්‍රීතිය කොතෙක් දුරට දායක වේද?….


ශුද්ධවූ පාවුලූ තුමා ගලාතිවරුනට ලියු ලිපියේ පස්වෙනි පරිච්ඡෙදයේ 22 සිට 23 වගන්තිවල මෙලෙස සඳහන් වේ.එහෙත් ආත්මයාණන් කරණ කොටගෙන ඇතිවන ප‍්‍රතිඵල නම්: පේ‍්‍රමය, ප්‍රිතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම හා ආත්ම දමනය යන මේවාය.’ මෙම ගුණාංග සාමාන්‍ය ව්‍යවහාරයේදී ශුද්ධාත්ම ඵල ලෙස හඳුන්වනු ලැබේ. අපි පසුගිය මාසයේ පවුල් පලස තුළින් පවුල් දිවිය සඳහා ‘පේ‍්‍රමය’ හි ඇති වැදගත්කම ගැන අවධානය යොමු කරන්නට උත්සාහ කළෙමු. මේ ලිපිය මගින් ප‍්‍රීතිය හා පවුල් දිවිය අතර ඇති සබඳතාවය ගැන සාකච්ඡා කරමු. ප‍්‍රීතිය යනු හුදෙක් මානුෂික හැඟීමක් නොව ඇතුළාන්ත ජීවිත ගුණාංගයකි . මූලිකව මේ ඇතුළාන්ත ගුණාංගය පිරිසිදුව කෙනෙකුගේ ජීවිතය තුළ අත්දැකිය හැක්කේ දෙවියන් වහන්සේ විශ්වාස කොට දැන ගැනීමෙන් හා උන්වහන්සේ මෙතුවක් කල් කෙනෙකුට දානය කර ඇති වරප‍්‍රසාද හා ඉදිරියේ දී දානය කරන්නාවූ වරප‍්‍රසාද ගැන කල්පනා කොට මෙනෙහි කිරීමෙනි. මෙම ප‍්‍රීතියේ උච්ඡුතම අවස්ථාව නම් කෙනෙකු තමන්ගේ මෙලොව ජීවිතය අවසානයෙන් පසුව ක‍්‍රිස්තුන් වහන්සේ සමග අනන්ත ජීවිතයට ඇතුළත්වීමේ හැකියාව ඇති බව තේරුම් ගැනීමේ ප‍්‍රීතියය. එම නිසා මෙලොව විටෙක විඳින්නට සිදුවන දුක් කරදර හා වේදනා වලට කිසිසේත් මේ නියම ප‍්‍රීතිය විනාශ කර දැමිය නොහැක. ප‍්‍රීතිය ගැන කතා කරද්දී එහි පිවිතුරු ආදර්ශය ලෙස අපට ක‍්‍රිස්තුන් වහන්සේව සැලකිය හැක. දේව ජනතාව හා උන්වහන්සේ අතර පැවතිය යුතු සබඳතාවය ගැන සඳන් කරමින් සැබෑ මිදි වැල පිළිබඳ ඉගැන්වීම් ඉදිරිපත් කරන ක‍්‍රිස්තුස් වහන්සේ, අවසානයේ සඳහන් කරන්නේ, ‘මේ දේවල් මා ඔබට ප‍්‍රකාශ කළේ, මාගේ ප‍්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත්, ඔබේ ප‍්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්ය’ යි වදාළ සේක. (ජුවාම් 15/11) එනම් මිනිසෙකුට ලැබිය හැකි උත්තරීතර ප‍්‍රීතිය ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත්වීමය. මේ අත්දැකීම පිළිබඳ කතා කරන ශුද්ධවූ පාවුලූතුමා, ‘නිතරම ප‍්‍රීතිවන්න, නොකඩවා යාච්ඤ කරන්න, සියල්ලෙහිදී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ එයයි’ පවසා සිටියි. 
(1 තෙස.5/16)

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම ශිෂ්ට මිනිසා යුක්තිය හා සාධාරණත්වය ගරු කළේය. ඉන් එපිට ශිෂ්ටත්වයක් නැතැයි සිතන තරමටම යුක්තිය හා සාධාරණත්වය මෑරුනි.


ජීවිතය පිළිබඳ ඔබතුමියගේ දෘෂ්ටිය කුමක්ද?

එය සරලව විස්තර කළ හැක්කක් නොවේ. විඳලාම අත්පත් කරගත යුතු දෙයක්. භෞතික අර්ථයෙන් ගත්තොත් උපතේ සිට මරණය දක්වා කාල පරාසය තුළ අප කරන කියන දේ තමා අපේ ජීවිතය බවට පත්වෙන්නේ. අපි හුදකලා සත්ත්වයෝ නෙවෙයි. උපතත් සමගම අපි සමාජ සත්වයෝ බවට පත්වෙනවා. අපේ ජීවත්වීම තීරණය කරන්නෙත් අපි නෙවෙයි. ඒ නිසා ජීවිතය කියන දේ අපේ වගේ පෙනුනාට ක‍්‍රියාත්මක වීම තුළ අපේ නොවේ. අනුන්ගේය. සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජ සංස්ථාවන් හතරෙහි අවශ්‍යතාවයන් අනුව අපි මෙහෙය වෙනවා. එම මෙහෙයවීමද ජීවිතය කියන්නේ යැයි සිතන තරමටම ජීවිතය අපෙන් ගිලිහිලා තියෙනවා. උදාහරණයක් ලෙස, විවාහය තුළ සැමියා හෝ බිරිඳ නිසා ජීවිතයෙන් කොටසක් අත් හැරීමට සිදුවෙනවා. එනම් ඔහු හෝ ඇය නිසා ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, කෑම බීම ආදිය වෙනස් කිරීමට සිදුවෙනවා. එසේම දරුවන්, ඥතීන්, ගුරුවරුන් ආදී සමාජයේ අනෙකුත් පුද්ගලයන් නිසා ජීවිතයේ තව තව කොටස් සීමා කිරීමට සිදුවෙනවා. එසේ බලන විට ජීවත්වෙනවා කියන්නේ අපට අවශ්‍ය ලෙස සිටීමද? ඒ අනුව යථෝක්තව පැවසූ පරිදි භෞතික අර්ථයෙන් ගතහොත් උපතේ සිට මරණය දක්වා කාල පරාසය තුළ අප කරන කියන දේ තමා අපගේ ජීවිතය බවට පත්වන්නේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමාජ සංස්ථාවල ක‍්‍රියාකාරකම් හමුවේ අප දක්වන ප‍්‍රතිචාරවල විවිධත්වය තුළ, ‘ජීවිතය’ යන්න විවිධ විදියට අරුත් ගැන්වේ. ජීවිතය කියන දේ මොහොතින් මොහොත දිය නොහැකියි. අද ජීවිතය ලෙස අර්ථ දක්වන දේ නොවෙයි තව ටික කලකින් ජීවිතය ලෙස අර්ථ දක්වන්නේ. අප එතරම්ම සංකීර්ණයි. මොහොතින් මොහොත වෙනස් වේ. සියල්ලම වෙනස්වන ලෝකයේ ජීවිතයත් එයට සාපේක්ෂව වෙනස් වේ. ජීවිත පරාසය තුළ අපි ගතකරන, ගනුදෙනු කරන, අපිට අහිමිවන, අපට අත්වන සියල්ලම ජීවිතයයි.

මරණය සත්‍යයේ මොහොතයි……


මරණය ගැන ගැඹුරු මෙනෙහි කිරීමක් නොකර මිනිස් ජීවිතයේ සැබෑ ස්වභාවය ගැන නිවැරදි සහ ගැඹුරු අවබෝධයක් ලැබිය නොහැකිය . මරණය ගැන මෙනෙහි කිරීමෙන් පලා යෑම යනු ජීවිතයෙන්ද පලායෑමකි. මරණයෙන් පැන යෑමට උත්සාහ කරන්නා එයට මුහුණ දීමට සූදානම් නොවන්නා සැබෑ ලෙසට ජීවත් නොවේ. ජීවිතයේ යථාර්ථයට මුහුණදීම යනු අපගේ මැරෙන සුළුභාවයට මුහුණදීමයි. මරණය නමැති යථාර්ථය සමග අප අරගල කරන තුරු ජීවිතය පිළිබඳව විදග්ධ දැක්මක් සහ දැනුමක් අපට ලබාගත නොහැකිය. බොහෝ මානසික රෝගවලට මූලික හේතුව නම් මරණයෙන් පලායෑමට දරන ප‍්‍රයත්නයයි . මානසික සුවය සහ ආධ්‍යාත්මික තෘප්තිය සහිත දිවියක් ගත කිරීම සඳහා මරණයේ මිතුරෙක් බවට පත්විය යුතුය.

මළවුන්ගේ මාසය ජීවතුන්ගේ මාසය කරගනිමු…


අද බොහෝ දෙනා ජීවත්ව සිටියදීම තම නාමය බිත්තිවල ලියා ගන්නට, තාප්පවල අලවා ගන්නට, පුවරුවල කොටා ගන්නට උත්සාහ කරති. ගොඩනැගිල්ලක, පාලමක, අලූත් පන්සලක, පල්ලියක, අලූත් මීසම් ගෘහයක තමන්ගේ නම කොටා ගැනීමට දක්වන්නේ පුදුම ආශාවකි. තවකෙක් පොදු ජනතාවගේ මුදලින් ප‍්‍රතිසංස්කරණයේ නාමයෙන් තම නම යොදා බැනර් ගසති. මෙය අන් අය කළත් තමාම කර ගත්තත් මෙයින් ගම්‍යවන ප‍්‍රධානතම සාධකය වන්නේ මිනිසා තුළ තිබෙන නොමැරී ජීවත්වීමට ඇති ආශාවයි.