Friday, December 13, 2013

ශ‍්‍රී ලංකේය සන්දර්භය තුළ අද්‍යතන මාංශගතවීම...

තේවත්තේ බැසිලිකාව අසළ ඇති කිතුනු ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයේ ඇති කැටයම් හා චිත‍්‍ර වැනි දෑ පිළිබඳ දැඩි විවේචනයක් මීට ටික කලකට ඉහත දී අන්තර්ජාල විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස මා වෙත ලැබී තිබිණි. තවද ඇතැම් දෙව්මැදුරු හා සිද්ධස්ථානවල ඇති සඳකඩ පහන, පුන්කලස වැනි මෝස්තර හා ඇතැම් මංගල්‍ය හා වෙනත් කිතුනු උත්සව අවස්ථාවන් සඳහා යොදාගන්නාවූ ගොක්කොළ සැරසිලි ආදී මෝස්තර රටාවන්ද බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයන්හි ලක්ෂණ වූ බවත් කිතුනුවන් විසින් ඒවා යොදාගැනීම වැරදි බවත් වර්ගවාදීහු පුන පුනා කියනු නිතර අසන්නට ලැබේ. බුදු දහමට අනුව වැරදි විවේචනයක් වන මෙහි වැරැද්ද කතා කරනවාට වඩා මේ විවේචනය තුළ ඇති කිතුනු පණිවුඩය මෙනෙහි කිරීම වැදගත් බව මගේ හැඟිමයි.

 මාංශගතවීම යනු කිසියම් දේශයක ඇති සංස්කෘතිකාංග වැළඳ ගැනීමක් ලෙස සිතූ යුගයක් ලාංකේය ක‍්‍රිස්තියානියට තිබුණි. 1956 දී ශ‍්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළියට සමගාමීව බෞද්ධ සංස්කෘතිකාංගදේවස්ථාන, සිද්ධස්ථාන හා ජනවන්දනාව තුළට වැද්ද ගැනීමේ මෝස්තරයක් බිහිවිය. ලතින් භාෂාව හා බැඳුණු වත් පිළිවෙත් තුළ සිරගත වී සිටි කතෝලික ක‍්‍රිස්තියානිය තුළ මෙය එකල පෙරළිකාර දැක්මක් වූ බවද ඇත්තය. එහෙත් දේශීය මෝස්තර වැළඳ ගැනීම තවත් මෝස්තරයක් විනා සැබෑ මාංශගතවීමක් නොවන්නේය.ජේසුතුමාගේ මාංශගතවීම මනා ආදර්ශයක් වන්නේ මෙතැනය. ජේසුස් වහන්සේ ගතානුගතික දෘඪ ජුදා සංස්කෘතිය අවිචාරශීලිව හෝ මෝස්තරයක් ලෙස වැළඳගත් අයෙක් නොවූ සේක. උන්වහන්සේගේ ජුදා පැවැත්ම සැබැවින්ම ඒ සංස්කෘතිය තුළ පෙරළිකාර ස්වරූපයක් ගත්තේය. උන්වහන්සේගේ ඉපදීම අර්ථවත් වී ඇත්තේ උන්වහන්සේගේ ජීවිතය නිසාය. මේ අනුව සැබෑ මාංශගතවීම යනු ඉපදීම නොව ජීවත්වීමයි.

ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org/.......වෙත පිවිසෙන්න.



සත්‍යය සොයා ගිය ප‍්‍රඥවන්තයො.......

"හේරොද් රජුගේ කාලයේදී ජුදයාවේ බෙත්ලෙහෙම්හි ජේසුතුමා උපන් පසු පෙරදිගින් ප‍්‍රඥවන්තයෝ ජෙරුසලමට පැමිණියහ." යැයි මතෙව් 2:1 පවසයි. මුල් ග‍්‍රීක් පිටපතට අනුව, ‘ප‍්‍රඥවන්තයින්’ යන සිංහල වචනය magoi නම් ග‍්‍රීක බහු වචනයේ ඒක වචනය magos අනුවාදයකි. මෙය ලතින් භාෂාවේ magus යන්නයි. මේ ප‍්‍රඥවන්තයෝ කවරහුද?



 මතෙවුස් තුමා magoi යන වචනයෙන් අදහස් කළේ කාවද? ඔවුන් කී දෙනෙකු පැමිණියාද? ඉහත ප‍්‍රශ්නවලට මේ ලිපියෙන් පිළිතුරු සැපයීමට අදහස් කරමි. ‘මගොස්’ යන වචනය ඉන්ද්‍රජාලිකයින් නොහොත් විජ්ජාකාරයන් (Magicians) සම්බන්ධ එකක්ද? හීබෲ බයිබලයේ ඉන්ද්‍රජාලිකයන් සඳහා වචන කිහිපයක් භාවිතා වේ. ඒවා නම් නාහෂ් (උත්. 30:27) කෙස්සෙම් (ගණන් 23:23), කෂාෆ් (නික්ම 22:17), යිදුඕනි (ද්විතිය 18:11), ආෂාෆ් (දානි 1:20), මාග්මගීම් (ජෙරමියා 39:3,13), ලාහෂ්, (යෙසායා 3:3) හා හර්තුම්/හර්තුමීම් යනාදියයි.

ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org/.......වෙත පිවිසෙන්න.

Thursday, December 12, 2013

23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව 2013

23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව 2013 නොවැම්බර් 10 සිට 17 දක්වා කොළඹදී පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලය යනුවෙන් හැඳින්වෙන්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති 23 ඩොමිනියන් තත්ත්වය ලැබූ හා පූර්ණ නිදහස ලැබූ රටවල එකතුවෙන් ගොඩනගා ගත් සංවිධානයකි. විසිවැනි සියවස ආරම්භ වන විට බි‍්‍රතාන්‍ය සතුව ලොව පුරා විහිදුණු යටත් විජිත රාශියක් විය.

 දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට මේ යටත් විජිත රාජ්‍යයන්හි නිදහස ඉල්ලා අරගල රැසක් හටගෙන තිබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ ආසියාවේ හා අප‍්‍රිකාවේ තිබූ යටත් විජිත රාජ්‍යයන් රාශියකට ඩොමිනියන් තත්ත්වය පිරිනැමීම හෝ පූර්ණ නිදහස ලබාදීමයි.

ඉතිරි කොටස කියවිම සඳහා.....  http://bhakthiprabodhanaya.org.......වෙත පිවිසෙන්න.

ජේසුතුමා අම්බලම්පාළුවෙක්වත්, බඩගෝස්තරවාදියෙක්වත් නොවේ....(දෙසෑම්බර්-2013)

‘ඈ කුළුඳුල් පුත‍්‍රයා බිහිකොට හාන් රෙදිවලින් ඔතා තානායමේ ඉඩකඩ නොතිබුණ බැවින් ගව ඔරුවක බෑවුවාය.’ (ලූක් 2:1-5)





අද අප දකින තානායම ( Rest House) හා ඒ දිනවල ගලීල දේශයේ තිබුණ තානායම් අතර විශාල වෙනසක් ඇත. මෙහි තානායම යනුවෙන් සිංහල බසට පෙරළා ඇත්තේ ඉංග‍්‍රීසි බසෙහි එන (Inn) නම් වදනයි. ඉංග‍්‍රීසියේ (Inn)නම් වචනය ග‍්‍රීක බසෙහි එන ‘කාටාලිමා’ (Katalima) නම් වදනෙහි පරිවර්තනයයි. එහි තේරුම අප රටේ දක්නට ලැබුණ අම්බලමකට සමාන තැනකි. අම්බලම් වලට අයිතිකරුවෝ නොසිටියහ. එහි නවාතැන් ගන්න තැනැත්තා එක් දිනක් හෝ දෙකක් එහි ගත කොට පසුවදා ගමන් අරඹන ආගන්තුකයෙකි.




ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org.......වෙත පිවිසෙන්න.







Sunday, November 24, 2013

විශ්වය සුරකින දේව ධර්මය – Planetary Theology.


 Planetary Theology - තිස්ස බාලසූරිය පියතුමා


ලිපි අංක 1 පළමු පරිච්ඡේදය
විශ්වය සුරකින දේව ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි ?
Why Planetary Theology ?



ලෝකයේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන මිනිසුන් අත් විඳින්නාවූ අවාසනාවන්ත තත්ත්වය සහ දුක් පීඩාවන් ගැන කිතුනුවන් දක්වන්නාවූ ඇල්මැරුන සැලකිල්ල ගැන මට මවිතයක් හා දැඩි වේදනාවක් ගෙන දෙයි. ලෝක ජනතාවගේ මෙම පීඩාවන් වලට යම් යම් අවස්ථාවන් වලදී කිතුනු අප වගකිව යුතුය යන වග ඔවුන්ට අවබෝධයක් නොමැති බවද පෙනී යයි. කිතුනු අප නි රන් තරයෙන් දේ වස් ථානවලට ගොස් විවිධ යාච්ඤා මෙහෙයන්ට සහභාගි වුවද අප සොහොයුරු සොහොයුරියන්ගේ දුක් වේදනාවන් ගැන උනන්දුවකින් ක‍්‍රියා කරන්නේ නැත. මෙලෙස දුක්විඳින ජනතාව පිළිබඳ අසංවේදී තත්ත්වයකට කිතුනු අපව යොමු කරන්නේ අප අපවම යහපත් කිතුනුවන් ( Good Christians ) ලෙස සැලකීමද යන වග සිතිය යුතුය. ඉරුදින දේව මෙහෙයට පැමිණෙන බොහෝ කිතුනුවන් කොළඹ නගරයේ සිටින එක් ලක්ෂ පනස්දාහක් පමණවූ මුඩුක්කු නිවැසියන් ජීවත්වන අමානුෂික තත්ත්වය ගැන බැරෑරුම් ලෙස නොසිතන්නේ ඇයි? ළමයින්ට පාසල් නොමැතිවීම, ළදරු මරණ අනුපාතය වැඩිවීම, මන්දපෝෂණය, විරැකියාව යන ප‍්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට දරුණු ලෙස වැඩි වර්ධනය වේ. පොහොසතුන් තව තවත් සමෘද්ධිමත් වන අතර ඔවුන් බහුතරයක් කිතුනුවෝ මෙන්ම තමන් යහපත් කිතුනුවෝ ලෙසද සලකති.

සෑබෑ ආදරය අවිනීත නොවෙ………


‘‘ඔයා අද ෂෝට් ලීව් දාලා එනවද? අපි යමු ගල්කිස්සේ මුහුදු වෙරළට’’ ‘‘ලබන සෙනසුරාදා ඔයාට නිවාඩුද? අපි යමුද බෙන්තර හෝටලේකට. දවසක් ඉඳලා එමු. ’’

‘‘අපෝ බෑ. ඔයාට පිස්සුද? අපි තාම බැඳලත් නෑනේ ’’

‘‘අපෝ ඒකට මොකද ළමයෝ. අපි ඉතිං කවද හරි බඳින එකනේ.’’




ආදරයේ නාමයෙන් අනෙකා වෙනුවෙන් අප බොහෝ දේ කරන්නෙමු. අපි කරන බොහෝ දේ අනෙකාට යහපතක්ද නොඑසේනම් අයහපතක්ද යන්න අපි ඇසිය යුතු පැනයකි. ආදරය නිසාම අනෙකා වෙනුවෙන් යම් යම් දේ නොකරන්නට අපි පුරුදු විය යුතුවෙමු. ඉහත දෙබස දෙස බැලීමේදී ‘ආදරයෙන්’ කෙනෙක් අනෙකා වෙත කෙරෙන යෝජනාව සැබැවින්ම අනෙක් පුද්ගලයාට යහපතක්ද? මේ වන විට විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන්  Pre Marital Sex හී වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. විවාහ දිවියට ඇතුලූ වී විවාහක යුවල් විසින් පමණක් පැවතිය යුතු ලිංගික සබැඳියාවන් බොහෝ පෙම්වතුන්, පෙම්වතියන් විවාහ දිවියට ඇතුළුවීමට පෙර රසබලා අවසානය. එවැනි ක‍්‍රියාවන් බොහෝ විට සිදුවනුයේ විශාල මුදලක් ගෙවා යන සුපිරි හෝටල් කාමරයක විය හැක. එතරම් මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන සාමාන්‍ය කුලී කාමරයක විය හැක. එසේ නොමැතිනම් මුහුදු වෙරළක, වැටකෙයා පඳුරක විය හැක. මේ අයගෙන් බොහෝමයක් තවමත් හිරිමල් වයසේ පසුවන පාසල් යන යෞවන, යෞවනියන් වීම ඛේදවාචකයකි.

වත්මන් අධ්‍යාපනික රටාව තුළ කතොලික ගුරුවරයාගේ භුමිකාව......


ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝබර් මස 06 වන දිනට යෙදී ඇත. මෙවන් ගුරු දිනයක් පැවැත්වීමට දිනයක් වෙන් කිරීම සඳහා මුල් වූ හේතු කාරණා අතර ප‍්‍රමුඛ වු කරුණක් වන්නේ ලොව පුරාම ගුරුවෘත්තියට ලබා දී ඇති අති ශ්‍රේෂ්ඨත්වයයි. මනා පෞර්ෂයකින් හෙබි පුද්ගලයන් බිහිකි රීමටද, මනුෂ්‍යයාට ජීවත්වීමට සුදුසු සමාජයක් ගොඩනැගීමටද, රටක සංවර්ධනය සඳහා ගුරුවරයාගෙන් සිදුවන කාර්යය අති ශ්‍රේෂ්ඨය. ගුරුවරයා මෙම කාර්යය සිදුකරන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ වන අතර, අධ්‍යාපන පද්ධතිය, වෙනස් වන සමාජ රටාවන් හමුවේ විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙමින්, දිනෙන් දින සංකීර්ණ තත්වයකට පත්වේ. සාමාජයක් දියුණුවට පත්වන්නේ අධ්‍යාපනය නිසා වන අතර දියුණු සාමාජයක් ගොඩනැගීමට නම් රටක අධ්‍යාපනය දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. දියුණු වන අධ්‍යාපන රටාවකට ගැළපෙන ලෙස සකස් වෙමින් සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ගුරුවරයාට ඇති ප‍්‍රබල අභියෝගයකි. ඉතා දියුණු තත්ත්වයක පවතින අධ්‍යාපනයක් සංකීර්ණ වූ සාමාජයක විවිධ හැලහැප්පීම් මැද ජීවත්වන සාමාජයක දරුවන්ට ලබා දීම පහසු කාර්යක් නොවේ. ඒ සඳහා සුදුසු මට්ටමකට තමාව ගොඩනැගීමට ගුරුවරයාට අති ප‍්‍රබල අභියෝගයකි.