Friday, December 13, 2013

ශ‍්‍රී ලංකේය සන්දර්භය තුළ අද්‍යතන මාංශගතවීම...

තේවත්තේ බැසිලිකාව අසළ ඇති කිතුනු ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයේ ඇති කැටයම් හා චිත‍්‍ර වැනි දෑ පිළිබඳ දැඩි විවේචනයක් මීට ටික කලකට ඉහත දී අන්තර්ජාල විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස මා වෙත ලැබී තිබිණි. තවද ඇතැම් දෙව්මැදුරු හා සිද්ධස්ථානවල ඇති සඳකඩ පහන, පුන්කලස වැනි මෝස්තර හා ඇතැම් මංගල්‍ය හා වෙනත් කිතුනු උත්සව අවස්ථාවන් සඳහා යොදාගන්නාවූ ගොක්කොළ සැරසිලි ආදී මෝස්තර රටාවන්ද බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයන්හි ලක්ෂණ වූ බවත් කිතුනුවන් විසින් ඒවා යොදාගැනීම වැරදි බවත් වර්ගවාදීහු පුන පුනා කියනු නිතර අසන්නට ලැබේ. බුදු දහමට අනුව වැරදි විවේචනයක් වන මෙහි වැරැද්ද කතා කරනවාට වඩා මේ විවේචනය තුළ ඇති කිතුනු පණිවුඩය මෙනෙහි කිරීම වැදගත් බව මගේ හැඟිමයි.

 මාංශගතවීම යනු කිසියම් දේශයක ඇති සංස්කෘතිකාංග වැළඳ ගැනීමක් ලෙස සිතූ යුගයක් ලාංකේය ක‍්‍රිස්තියානියට තිබුණි. 1956 දී ශ‍්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළියට සමගාමීව බෞද්ධ සංස්කෘතිකාංගදේවස්ථාන, සිද්ධස්ථාන හා ජනවන්දනාව තුළට වැද්ද ගැනීමේ මෝස්තරයක් බිහිවිය. ලතින් භාෂාව හා බැඳුණු වත් පිළිවෙත් තුළ සිරගත වී සිටි කතෝලික ක‍්‍රිස්තියානිය තුළ මෙය එකල පෙරළිකාර දැක්මක් වූ බවද ඇත්තය. එහෙත් දේශීය මෝස්තර වැළඳ ගැනීම තවත් මෝස්තරයක් විනා සැබෑ මාංශගතවීමක් නොවන්නේය.ජේසුතුමාගේ මාංශගතවීම මනා ආදර්ශයක් වන්නේ මෙතැනය. ජේසුස් වහන්සේ ගතානුගතික දෘඪ ජුදා සංස්කෘතිය අවිචාරශීලිව හෝ මෝස්තරයක් ලෙස වැළඳගත් අයෙක් නොවූ සේක. උන්වහන්සේගේ ජුදා පැවැත්ම සැබැවින්ම ඒ සංස්කෘතිය තුළ පෙරළිකාර ස්වරූපයක් ගත්තේය. උන්වහන්සේගේ ඉපදීම අර්ථවත් වී ඇත්තේ උන්වහන්සේගේ ජීවිතය නිසාය. මේ අනුව සැබෑ මාංශගතවීම යනු ඉපදීම නොව ජීවත්වීමයි.

ඉතිරි කොටස කියවිම සඳහා  http://bhakthiprabodhanaya.org/.......වෙත පිවිසෙන්න.



No comments:

Post a Comment