Sunday, November 24, 2013

විශ්වය සුරකින දේව ධර්මය – Planetary Theology.


 Planetary Theology - තිස්ස බාලසූරිය පියතුමා


ලිපි අංක 1 පළමු පරිච්ඡේදය
විශ්වය සුරකින දේව ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි ?
Why Planetary Theology ?



ලෝකයේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන මිනිසුන් අත් විඳින්නාවූ අවාසනාවන්ත තත්ත්වය සහ දුක් පීඩාවන් ගැන කිතුනුවන් දක්වන්නාවූ ඇල්මැරුන සැලකිල්ල ගැන මට මවිතයක් හා දැඩි වේදනාවක් ගෙන දෙයි. ලෝක ජනතාවගේ මෙම පීඩාවන් වලට යම් යම් අවස්ථාවන් වලදී කිතුනු අප වගකිව යුතුය යන වග ඔවුන්ට අවබෝධයක් නොමැති බවද පෙනී යයි. කිතුනු අප නි රන් තරයෙන් දේ වස් ථානවලට ගොස් විවිධ යාච්ඤා මෙහෙයන්ට සහභාගි වුවද අප සොහොයුරු සොහොයුරියන්ගේ දුක් වේදනාවන් ගැන උනන්දුවකින් ක‍්‍රියා කරන්නේ නැත. මෙලෙස දුක්විඳින ජනතාව පිළිබඳ අසංවේදී තත්ත්වයකට කිතුනු අපව යොමු කරන්නේ අප අපවම යහපත් කිතුනුවන් ( Good Christians ) ලෙස සැලකීමද යන වග සිතිය යුතුය. ඉරුදින දේව මෙහෙයට පැමිණෙන බොහෝ කිතුනුවන් කොළඹ නගරයේ සිටින එක් ලක්ෂ පනස්දාහක් පමණවූ මුඩුක්කු නිවැසියන් ජීවත්වන අමානුෂික තත්ත්වය ගැන බැරෑරුම් ලෙස නොසිතන්නේ ඇයි? ළමයින්ට පාසල් නොමැතිවීම, ළදරු මරණ අනුපාතය වැඩිවීම, මන්දපෝෂණය, විරැකියාව යන ප‍්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට දරුණු ලෙස වැඩි වර්ධනය වේ. පොහොසතුන් තව තවත් සමෘද්ධිමත් වන අතර ඔවුන් බහුතරයක් කිතුනුවෝ මෙන්ම තමන් යහපත් කිතුනුවෝ ලෙසද සලකති.




අධිරාජ්‍ය ආක‍්‍රමණයේ ගොදුරක් බවට පත්වූ වියට්නාම් ජාතිකයන්ට එරෙහිව අමෙරිකාව තම බර අවි වලින් සටන් වදින අවස්ථාවක ඇමරිකන් රදගුරුවරයෙක් වියට්නාමයේ සිටින අමෙරිකන් හමුදාව නත්තල් සමයේදී බැහැ දකිමින්, සාමයේ කුමාරයාණන්ගේ නාමයෙන් ඔවුන්ව ධෛර්යමත් කිරීම කෙසේ සිදුවිය හැකිද? දෙවන ලෝක යුද්ධයේදී භාවිත කළ සියලූ බෝම්බ ප‍්‍රමාණයට වඩා වැඩි ගණනක් අමෙරිකාව විසින් වියට්නාමයට දැමූ බව මෙම රදගුරුවරයා නොදන්නේද? යුරෝපීය හමුදාව සමග බටහිර ක‍්‍රිස්තියානි ධර්මදුතවරු 19 වන සියවසේදී චීනයට යාම සිදුවිය හැකිද? ආදිවාසින්ව ඔවුන් උපන් භූමියෙන් පළවා හරිමින් හා ඝාතනය කොට නව ලෝකය (New World) ගොඩ නගමින්, වහල් වෙළඳාමට ඉඩදීමට මෙම යහපත් ක‍්‍රිස්තියානීන්ට හැකිවූයේ කෙසේද?

යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ වෙසෙන යහපත් ක‍්‍රිස්තියානීන්ට තම රටවල් හිමි කරගෙන සිටින ඉමහත් ධන සම්පත් බොහොමයක් තුන්වන ලෝකයේ රටවල් වලින් සූරාගත් දේ බවට අදටත් අවබෝධ නොවන්නේ මන්ද?


තමන් ක‍්‍රිස්තියානින් ලෙස සලකන ධනවත් රටවල් එක් මිනිත්තුවකදී ඩොලර් මිලිය 1 ක් අවි ආයුධ නිෂ්පාදනයට වැය කරන්නේ, බිලියන 500ක් පමණ ජනතාව සාගින්නේ පෙළෙන විටය. 23 වන ජුවාම්, 6 වන පාවුලූ, මෙන්ම 2 වන ජුවාම් පාවුලූ, යන පාප්වරු විසින් සාධාරණත්වය වෙනුවෙන් කළ ආයාචනයන්ට ධනවත් කිතුනුවන් සවන් නොදෙන්නේ ඇයි? ජගත් ක‍්‍රිස්තියානි සභා සමුළුව ( World Council of  churches) මගින් දකුණු අප‍්‍රිකානු වර්ගවාදය හෙළා දකින විට බොහෝ කිතුනුවන් ඊට සවන් නොදුන්නේ ඇයි?

මෙම සියලූ ප‍්‍රශ්න වලට දිය හැකි සරල පිළිතුරක් වන්නේ කිතුනුවන් ජේසු තුමන්ගේ දේව රාජ්‍යයේ සුභාරංචි පුවත සැබැවින් අනුසාර නොකරන බවයි. එසේ වන්නට හේතුව සාම්ප‍්‍රදායික දේව ධර්මයේ ප‍්‍රශ්නයක්ද? අපි එය මතුවට විමසමු.

විජිත් රොහාන් 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය.

Published by: Ranjan De Mel.
www.bhakthiprabodhanaya.org





No comments:

Post a Comment